ගුරු පිය පිදුම්
කවදත් කෙළහි ගුණ දක්වන ගතිය උපන්
යන ඉදිරියට බාධක කටු පඳුරු කපන්
එකදා එකට එක ලග්නෙන් එකට උපන්
ඔබ මට වඩා මිනිසෙකු විය යුතුය හපන්
එල්ලී ළමා කල එල්ලී ඔබ සුරතේ
ඔබතින් ලියූ එකවිය මගෙ සමරු පොතේ
කැටපත් පවුරු ගීයක් මෙන් තවම හිතේ
රැව් පිලිරැව් දෙමින් පුබුදයි මතක මගේ
දැන හැකියාව මට පෙරමග යනු පිණිස
මවටත් පියාටත් නොකලැකි වැඩ කොටස
ඉටුකළ ගුරු පියාණෙනි, මට පෙර දවස
කොපමණ නිවැරදිද නොදනිමි ඔබෙ විනිස
පහනක් ලෙස ‘ගුවන් විදුලියෙ’ ආලින්දේ
දරුවන් පිරිවරා ඉන් ලද ආනන්දේ
යනවිට වැට වැටී නැගුමට හිනි බැන්දේ
අමුතුම පරම සතුටකි ඔබ ඉන් වින්දේ
ඉදිවුනු කුළුණු ගානේ කොරිඩෝව දිගේ
තවමත් දැනේ ඔබ පියමැන යනෙන අගේ
ගොඩවන විට පියස්සට හැම දිනම වගේ
හැමටම පළමු ඔබ සිහිවෙයි සිතට මගේ
බස හසුරුවනු ලැදිවනු සිය ආගමට
කරතොත් වැඩක් කරපන් අඩුවක් නොකොට
ඔවදන් එලෙස දෙන්නට පොඩි දරුවනට
අද කෝ මෙතැන ඔබ වන් ගුරුවරු රටට
නොම පෙනුනේද මතු දක්නා ඇසට දිව
ඔබවන් ගුරුවරුන් අද උවමනා බව
ඇරයුම කළ සුරන් පිලි අරගෙන නොතැව
නොහොසින් නොහිටියේ ඇයි දශකයක් තව
කලල ගිලූණු මත වරනිඳු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිඳන් මිස අන් කෙවෙත
සැබෑ බව කියන්නට ඔබ මෙන් සමත
ගුරුවරයනුත් ගෝලයනුත් අද නොමැත
කිවි ගුණ සමර
දස දෙස ළමා පෙළ කැඳවා සෙවන වෙත
බස මෙන් කවිය ගී මෙන් උන් හැදු අත
හස රළ නිබඳ දුටු දුටු තැන මැවූ බවත
නිසලව දෙවසරකි එද අප අතර ඇත
ඔවදන් වදන් තැන්පත් කොට නැණ අටුවේ
පරපුර නගන්නට පෙර මාවත කෙටුවේ
හි`දගත් ළමුන් මැද මැදිරියෙ මුල් පුටුවේ
මහ නුග ගසක් වාගෙයි මා ඔබ දුටුවේ
බිංතැන්නේ පටන් මහ රජ මැදුරු තුර
සෙල්ලිපියක කෙටූ ගීයකි මියුරු සර
මුළු රට සියලූ දන මොකටද කියති පෙර
ඔබගේ හඩින් නෑසූ නුවැ පෙරහැර
අල්ලා අතින් ඉස්සර අන්ධ වේලූව
ආවේ මැදිරියට ළමයින්ට යාළුව
එළමින් ගුවන් ගැබ නැණ දිමුතු සාලූව
කළ කී කතා නෑසී දැනෙයි පාළුව
පහනින් පහන් දාහක් දැල්වෙනා හැඩ
ඔබ නැගි වේදිකාවල විය අඳුර මැඩ
ඇසෙතොත් තැනෙක ගී මාලා රසින් හ`ඩ
දහසින් නවසියක් ඔබගේ පෑන් තුඩ
සුවපත් කළෙන් සිත් ඇතිදේ දී රටට
දෙවියෙක් නොවෙත් නම් පුදුමෙකි කළ පිනට
සැකයක් ඇතොත් නොපෙනෙන එක මිස ඇහැට
සමුගත් බවක් නොදැනෙයි ගුවනින් කනට
වරෙකදි පියෙකි වරෙකදි ගුරුවරයෙක්ය
වරෙකදි සෝයුරෙකි වරෙකදි මිතුරෙක්ය
ගරු හරු කම් පිරූ දඹ රන් බඳුනක්ය
0 Comments